April 24, 2024

අවුරුද්දට සුරාසැල් නැහැ

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 13 හා 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු ර.බී. 07 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සුරාසැල් එම දින දෙක තුළ වසා තැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.

එම කාලසීමාව තුල සිදුවන සුරා අපරාධ සහ මත්ද්‍රව්‍ය අපරාධ වලට සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ 1913 දුරකථන අංකය පැය 24 පුරා මහජනතාවට විවෘතව තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි

Rate this item
(0 votes)