April 25, 2024

ජනපතිවරයා කඩුව අතට ගනී - සිය උපදෙස් නොතකන නිලධාරීන් සොයා මෙහෙයුම්

තමා දෙන උපදෙස් ගණන් නොගන්නා නිලධාරීන් සොයා බැලීමේ වැඩ පිළිවෙළක් ජනපතිවරයා විසින් ආරම්භ කොට තිබේ.

ජනපති ලේකම් කාර්යාලයේ විසින් මේ සතියේ දී නිකුත් කරන ලද චක්‍රලේඛයකින් ඒ බැව් තහවුරු වේ.

ජනපති ලේකම් කාර්යාලය නිකුත් කළ අදාළ චක්‍ර චක්‍රලේඛයෙන් පසුගිය වර්ෂයේ නිකුත් කරන ලද චක්‍රලේඛ 2 කට අනුකූලව කටයුතු නොකළ නිලධාරීන්ගෙන් ඊට හේතු විමසා තිබේ.

අදාළ චක්‍රලේඛ දෙකෙන් එකක සඳහන්ව තිබෙන්නේ රාජ්‍ය ආයතන මහජනතාවට සේවය සැපයීමේදී තොරතුරු තාක්ෂණය උපයෝගී කරගනිමින් එම සේවාවන් සැපයීමට අවශ්‍යය පහසුකම් සැපයීම පිළිබඳවය.

එමඟින් රාජ්‍ය ආයතන බොහොමයක් මහජනතාවට සේවය සැපයීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීමේ සංස්කෘතිය හැකිතාක් දුරට අවම කිරීම ජනපතිවරයාගේ අරමුණ වී තිබේ.

දෙවන චක්‍රලේඛයේ ද එම පළමු චක්‍රලේඛයටම සම්බන්ධ වන අතර එය මහජන ආයතන වල අධ්‍යක්ෂක මණ්ඩල, රක්ෂණ සමාගම් හා ව්‍යවසායන්ට අදාල වේ.

Rate this item
(4 votes)
Last modified on Friday, 09 April 2021 01:03