April 19, 2024

ජරා කෑම විකිණූ වෙළඳසැල් රැසක් වටලයි - විෂ පොල්තෙල් ගැනත් සොයයි (PHOTOS)

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් තලවකැලේ නගරයේ ආපන ශාලා, සිල්ලර සහ තොග වෙලදසැල්, ආහාර ද්‍රව්‍ය සහ පිසු ආහාර අලෙවි කරන වෙලදසැල් රැසක් අද (07) දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවකට ලක් කෙරිණ.

හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එක්ව මෙම හදිසි පරික්ෂාව සිදු කරනු ලැබුහ.

තලවකැලේ නගරයේ සිල්ලර සහ තොග වෙලදසැල්වල අලෙවි කිරිමට තිබු පොල් තෙල් සහ ෆාම් ඔයිල් පිලිබදව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් දැඩි අවධානය යොමු කරනු ලැබුහ.

සිල්ලර වෙලදසැල් කිහිපයකම පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ අලෙවි කිරිමට තිබු අහාර ද්‍රව්‍ය රැසක් වෙලදසැල් හිමියාගේද කැමැත්ත ඇතුව භුමිතෙල් යොදා විනාශ කිරිමට වැටලිමට සහභාගි වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුහ.

අපිරිසිදු ආකාරයෙන් සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට පටහැනිව තලවකැලේ නගරයේ ආපනශාලා පවත්වාගෙන ගිය වෙලදුන් රැසකට එරෙහිව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමටත්, ආහාර ද්‍රව්‍ය පිසිමට සුදුසු තත්ත්වයේ තොතිබු උපකරණ කිහිපයක්ද ආපන ශාලාවලින් ඉවත් කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුහ.

තලවකැලේ නගරයේ මත්ස්‍ය වෙලදසැලක අලෙවි කිරිමට තිබු පරිභෝජනයට නුසුදුසු මත්ස්‍යයින් තොගයක්ද භුමිතෙල් යොදා විනාශ කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුහ.

Rate this item
(0 votes)