April 19, 2024

බස් රථයට නගින්න ගිය මවක් ඇද වැටෙයි එය දුටු දියණියත් බසයෙන් පනී (VIDEO)

පේරාදෙණිය - නුවර මාර්ගයේ සිදු වූ අවාසනාවන්ත අනතුරක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබේ.

මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ සවස 4.40ට පමණය.

මෙහිදී බස් රථයකට දියණියක් සහ මවක් ගොඩ නගින්න උත්සාහ කරන අතර දියණිය බස් රථයට ගොඩ වෙනවාත් සමඟම බස් රථය ගමන් කිරීම ආරම්භ කරයි.

නමුත් මවට බස් රථයට නැගීමට නොහැකි වන අතර ඇය එක්වරම බස් රථයෙන් ඇද වැටෙන ආකාරය ද දැකගත හැකි විය.

මව බස් රථයෙන් වැටෙනවා දුටු දියණියද ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් බිමට පනින අතර ඇයවද මහා මර්ගයේ ම ඇද වැටෙන ආකාරය ද එම වීඩියෝවේ සටහන්ව තිබුණි.

මෙම අනතුර සිදුවන ස්ථානයේ රාජකාරියේ නිරත වෙමින් සිටින රථවාහන පොලිස් නිලධාරියෙකු ද සිටින අතර ඔහු බස් රථය නවතා ගන්නට සමත් වෙයි.

මාර්ග සංඥාවක් අසළ දී බස් රථයට මෙම මව සහ දියණිය නැගීමට උත්සාහ කිරීම නිසා මෙම අනතුර සිදු වුණා යැයි පිරිසක් සඳහන් කරන අතර තවත් පිරිසක් කියා සිටියේ පේරාදේණිය - නුවර මාර්ගයේ ධාවනය වන බස් රථ බස් නැවතුම්පොළ තුළ පමණක් නොව පාරේ මගීන් ඇති ඕනෑම තැනක තැනක් නොතැනක් බලා නවත්වන බවත් ඒ නිසා මෙවැනි අනතුරු සිද්ධ වෙන බවයි.

මෙම අනතුරින් කිසිවෙකුට බරපතළ හානියක් සිදු නොවුණු බව සඳහන් වෙයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)