April 14, 2021

දේශපාලන පෙරළියකට එජාපය සූදානම්

දේශපාලන උපක්‍රම නිසි වේලාවට ගන්නා බවත් අවශ්‍ය වේලාවට නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අලුත් අවුරුද්දෙන් පසු එජාපයේ ක්‍රියාදාමය සියලු දෙනාට දැක බලා ගත හැකි බවත් පළාත් සභා මැතිවරණයේදී සියලු දිස්ත්‍රික්කවලට තරඟ කරන බවත් අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙවර මැයි දිනය වෙනුවෙන් තරුණ සමුළුවක් පැවැත්වීමට ද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 08 April 2021 06:50