March 29, 2024

කිරුළ යළි හිමිවූ පුෂ්පිකා පොළොන්නරුවෙන් දේශපාලනයට - මෛත්‍රී ගැනත් කියයි

තමන් දේශපාලනයට කිරීමට බලාපොරොත්තුවක් තිබෙන බවත් ඒ සඳහා අවස්ථාවක් ලැබුණහොත් දේශපාලනට පැමිණෙන බවත් විවාහක රූ රැජිණ තරගයේදී ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බව පැවසූවේ මේවන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය. අද දිනයේ දී පැවති උත්සවයක දී පුෂ්පිකා ද සිල්වාට මෙරට තරග සංවිධායකයින් විසින් යලි කිරුළ ලබාදීමට කටයුතු කරනු ලැබීය.

එම මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් ඇයගෙන් ප්‍රශ්න දේශපාලනයට පැමිණෙනවාද? යන්නයි. එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ප්‍රකාශය කළේ දේශපාලනයට පැමිණීමට අකමැත්තක් නොමැති බවත් තමන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මැතිවරණය ඉදිරිපත් වීමට අපේක්ෂකත්වය ඉල්ලා සිටි බවත්ය.

නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැනි දේශපාලනඥයින් සිටින බැවින් ඉතා තරඟකාරී දිස්ත්‍රික්කයක් බවත් ඇය පෙන්වා දුන්නේය.

අවස්ථාවක් ලැබුණහොත් දේශපාලනය කිරීමට බලාපොරොත්තුවක් තිබෙන බවත් එහිදී කාන්තාවන් දරුවෝ වෙනුවෙන් හඩක් නගන්නට සූදානම් බවත් ඇය ප්‍රකාශ කළාය.

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නිතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බව පුෂ්පිකා ද සිල්වා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 April 2021 18:13