April 24, 2024

සිද්ධිකාගේ ප්‍රකාශය ගැන රජයෙන් පරීක්ෂණයක්

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පසුගියදා රූපවාහිනි නාලිකාවක සාකච්ජාවකට එක්වී සිදු කල සම්මුඛ සාකච්ජාව පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් හටගෙන තිබේ.

ඇෆලටොක්සින් පිලිකාකාරක අඩංගු තවත් බොහෝ ආහාර වර්ග මෙරට වෙලදපොලේ ඇති බවත් එම ආහාර වර්ග හෙලිකලහොත් ඒවා නිෂ්පාදනය සිදු කරන සමාගම් බිද වැටීමට ඉඩ තිබෙන බවට ඇය සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජයේ දැඩි විරෝධයක් එල්ල විය.

එමෙන්ම පිලිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය කල සමාගම් තවදුරටත් තෙල් ගෙන්වන බවත් ආනයනය අත්හිටුවීමට තම ආයතනයට බලයක් නැති බවද ඇය එහිදී පැවසිය.

පිළිකාකාරක අඩංගු ආහාර තවත් ඇති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්, ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබැලීමක් කරන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

දේශීය සමාගම් කඩා වැටෙන නිසා ඒවා හෙළිකළ නොහැකි බවට ඇය කළ ප්‍රකාශය රජය අනුමත නොකරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එම ආයතනයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර සොයාබැලීමක් කරන බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් රජයක් ලෙස ගත යුතු තීන්දු තීරණ ගන්නා බව ද කීවේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 April 2021 12:49

Related items