April 24, 2024

විවාහක රූ රැජින අවුල ගැන රෝසි ඇමරිකාවටත් දන්වයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය පෙරේදා දින සවස නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වූ අතර එය මඳ වේලාවකට පෙර නොසන්සුන් තත්වයකින් පසු අවසන් විය.

තරඟකරු අංක 20, පුෂ්පිකා ද සිල්වා මහත්මිය ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කළ අතර, කිරුළ පළඳවනු ලැබුවේ ශිරාන්ති රාජපක්ෂ මහත්මිය, රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ විසිනි.

කෙසේ වෙතත්, ප්‍රභූවරුන් වේදිකාවෙන් පිටව ගොස් නව රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී, වර්තමාන ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ බවත් එබැවින් විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය. ඇය ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කළාය.

විවාහක රූ රැජින තරගයේ දී කිරුළ නැවත උදුරා ගැනීමේ නිරතවු කැරොලින් ජුලීගේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් ඇමැරිකාවේ පිහිටි ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ සංවිධායක මණ්ඩලය වෙත දැනුම් දුන් බව ලංකාවේ ප‍්‍රථම ලෝක විවාහක රූ රැජින සහ කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පුවත්පතකට පැවසුවාය.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගෙන් සිදු කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ශි‍්‍ර ලංකා විවාහක රූ රැජින කිරුළ පළන්ඳවා එය බලහත් කාරයෙන් ගැලවීම කැරොලින් ජුරි ට කිසිදු සදාචාරත්මක අයිතියන් නොමැති බවත් ඇය සිදුකර ඇත්තේ රටට විශාල රටට අපකීර්තියක් මෙන්ම, රූ රැජිනක් වශයෙන් කිසිවකු නොකරන පිළිකුල් සහගත කි‍්‍රයාවක් බවද සේනානායක මහත්මිය කියා සිටියාය.

මෙම තරඟය ජාත්‍යන්තර තරගාවලියක් බැවින් ලොව පුරා එම ප‍්‍රචාරය වන බවත්, අපේ රට මෙන්ම ලෝක විවාහක රූ රැජින තරඟවලියේ ඇමැරිකාවේ සංවිධායක මණ්ඩලය ද අපහසුතාවයට පත් වන බැවින් තමන් මෙලෙස ඔවුන් දැනුවත් කිරීමට පියවර ගත් බවද සේනානායක මහත්මිය පැවසුවාය.

පුෂ්පිකා ද සිල්වා සම්බන්ධයෙන් ගැටළුවක් තිබේනම් ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ඇයට ඕනා තරම් කාලයක් තිබු බවත් එසේ සිදුනොකර ඇය සිදු කළ මෙම අශෝභන කි‍්‍රයාව කාන්තාවක් වශයෙන් කිසිසේත් අනුමත නොකරන නින්දිත කි‍්‍රයාවක් බවද ඒ මහත්මිය පැවසුවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙත සිය කණගාටුව පල කරන බවද රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 April 2021 11:12

Related items