March 29, 2024

විෂ පොල්තෙල් ප්‍රති අපනයනයට තවත් කල් දෙයි

විෂ රසායනික අඩංගු බවට තහවුරු වීම හේතුවෙන් ප්‍රති අපනයනය සඳහා උපදෙස් ලබා දුන් පොල්තෙල් අඩංගු කන්ටේනර් බහලුම් 95 ප්‍රතිඅපනයනය කිරීම සඳහා තවත් සති 2ක පමණ කාලයක් ගත වනු ඇති බව රේගුව පවසයි. 

අදාළ පොල්තෙල් ගෙන්වූ ආයතන හරහා යළිත් එම රටවල්වලට යොමු කිරීමට අවශ්‍ය දැනුම්දීම් සිදුකර ඇතත් ප්‍රතිඅපනයනයට අවශ්‍ය නැව් හරහා ඒවා යැවිය යුතු අතර ඒ හේතුවෙන් ප්‍රමාදයක් සිදුවිය හැකි බව සදහන් වේ.

මේ අතර, වෙළඳපලට නිකුත් වී ඇති පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු ආහාර මොනවාද යන්න සහ එම සමාගම් පිළිබඳ තොරතුරු අද දිනයේ ලබාදෙන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශ කර තිබේ. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 April 2021 11:16

Related items