March 29, 2024

මම හරි දුකින් ඉන්නේ කාදිනල්තුමන්ගේ ප්‍රකාශයට - මෛත්‍රී කියයි

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන කණගාටු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ නාවලදී පැවති ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නියෝජිත මහා සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

එහිදී මාධ්‍ය වේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ "කාදිනල් හිමිපාණන් කියපු දේ ගැන පිළිතුර කොහොමද? ඔබතුමා රෙදි ඇදගෙන ඉන්නේ ඇහුවා. මොකද ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ ඒ සම්බන්ධයෙන්?"

"මම හරිම කනගාටුවෙනවා උන්වහන්සේගේ ප්‍රකාශය ගැන." යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පළාත් සභාවට තනිව තරඟ කරන්නේදැයි මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ඒ ගැන සාකච්ඡා කළ යුත්තේ පළාත් සභා මැතිවරණයට අදාළ පනත සම්මතවීමෙන් පසුව බවය.

තවම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධ පනත පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු බවත්, ඒ ගැන මෙතෙක් පක්‍ෂය සාකච්ඡා කර නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 April 2021 09:26