April 24, 2024

සජිත්, චන්ද්‍රිකා මග යයි - ඊයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටත් විනාඩි 90 ප්‍රමාදයිලු

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පුරුද්දක් ලෙස සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සැලකිය යුතු වෙලාවක් ප්‍රමාද වී පැමිණෙන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ (5) පාර්ලිමේන්තු පරිශ්‍රයේ සවස 3 ට ආරම්භ වීමට නියමිතව තිබූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටින්නේ පැය එකහමාරකටත් වඩා කාලයක් ප්‍රමාද වී බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ සුපුරුදු මෙම ප්‍රමාදවීම සම්බන්ධයෙන් පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අප්‍රසාදයක් තිබෙන මුත් කිසිවකුත් එය සජිත් ප්‍රේමදාස මහතාට මුහුණට ප්‍රකාශ කොට නැමැති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ප්‍රමාදවීම මත කලකිරීමෙන් සිටින බොහෝ මන්ත්‍රීවරුන් උද්යෝගයක් නොමැතිවම අදාළ රැස්වීමට සහභාගී වන බව ද වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වූ දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා නියමිත වේලාවට නියමිත තත්පරයටම වැඩ කළ නායකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

අද සජිත් ප්‍රේමදාස මහතා සමග සිටින එදා රණසිංහ ප්‍රේමදාස මහතා සමග වැඩ කළ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන්ද ප්‍රේමදාස හිටපු ජනපතිවරයාගේ වෙලාවට වැඩ කිරීමේ මෙම ගුණාංගය අදටත් සිහිපත් කරන්නේ ගෞරවයකින් යුතුවය.

එහෙත් රණසිංහ ප්‍රේමදාස මහතා ජයගත් ජනාධිපතිවරණයට පසු පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ජනපති වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙලාවට වැඩ නොකරන, පැය ගණන් ප්‍රමාද වී වැඩ කරන අයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 April 2021 03:11