April 18, 2024

නිරුවත් මන්ත්‍රී පාර්ලිමේන්තුව ඇවිත් - ඇමති ජොනි සමග බර කතා බහක

පසුගිය දිනවල උපන් ඇඳුමෙන් දිව යාමේ සිද්ධියක් මුල් කොටගෙන ප්‍රසිද්ධියට පත්වූ ගම්පහ දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා ඊයේ (5) එම සිද්ධියෙන් පසු පලමු වතාවට පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට සති 2කට ආසන්න කාලයකට පෙර අදාළ මන්ත්‍රීවරයා අනියම් බිරිඳක් සමග සිය පක්ෂ කාර්යාලය කාමරයක රැඳී සිට අනියම් බිරියගේ ස්වාමිපුරුෂයා පැමිණි පසු එම ස්ථානයෙන් නිරුවතින් පලා යන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබිණි.

ඊයේ (5) නිරුවතින් පලාගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ ආණ්ඩු පක්ෂයේ පළමු පේලියේ අසුන්ගෙන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ කතා බහක යෙදී සිටින සිටින අන් මන්ත්‍රීවරුන්ට දැකගන්නට ලැබී තිබේ.

සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයාට නියමිත ආසනය පළමු පෙළ ආසනයක් නොවුනද සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකු සිය ආසනයේ නොමැති විට සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු එහි පැමිණ අසුන්ගෙන ආසන්නයේ සිටින අමාත්‍යවරයෙකු සමග කතා කතාබස් කිරීම සම්ප්‍රදායකි.

අදාළ වීඩියෝ පටය අනියම් බිරිඳගේ ස්වාමි පුරුෂයා විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබෙන අතර මෙම සිද්ධියෙන් පසු ඊයේ (5 ) දක්වා පාර්ලිමේන්තුවේ කිසිදු සැසියකට අදාළ මන්ත්‍රීවරයා සහභාගි නොවීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 April 2021 00:08