March 29, 2024

නලින් බණ්ඩාර සජිත් එක්කම CIDයට එයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (05) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වු පරීක්ෂණවලට අදාළ කරුණු කිහිපයක් පිළිබඳ විස්තර ලබාගැනීම සඳහා මන්ත්‍රීවරයා ට අද දින කැඳවීමක් සිදුකර තිබුණි.

මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සමග සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වු අයට දැඩි දඬුවම් ලබාදෙනු ඇතැයි අපේක්ෂාවෙන් ජනතාව වත්මන් රජයට ජනවරමක් ලබාදුන් බව එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන රංජිත් මද්දුම බණ්ඩාර, මුජුබර් රහුමාන් මහත්වරු ද ඔහු සමග අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට පැමිණියහ.

Rate this item
(0 votes)

Related items