April 19, 2024

අද කාලගුණය : වැස්ස නෑ - හෙට හිරු මුදුන් වෙන නගර මෙන්න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවත් අද (05) දහවල් 12:13 ට තෙල්වත්ත,බද්දේගම, දෙදියවල, මුලටියන, අගුණකොලපැලැස්ස සහ උඩමලල   යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවත් කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවද මුහුදු ප්‍රදේශ සඳහා අනාවැකිය නිවේදනය කරමින් සඳහන් කරයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 04 April 2021 20:47