April 23, 2024

රනිල්ගේ දැන් වැඩි කැමැත්ත අලුත් තරුණයින්ට: අවස්ථාවක් දෙන්නම් එන්නලු

එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකත්වය භාර දීම සඳහා නව තරුණ පිරිසක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සොයමින් සිටින බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන්ම මේ වන විටත් සම්පූර්ණ කොට තිබෙන පක්ෂ නිලධාරි මණ්ඩලය සමග එජාපයේ අනාගත වැඩපිළිවෙළ දියත් කිරීම සඳහා තරුණයින්ට අවස්ථාව ලබා දීම වික්‍රමසිංහ මහතාගේ සැලැස්ම වී තිබේ.

ආසන සඳහා නව සංවිධායකවරුන් පත් කිරීමේදී තරුණ පිරිසට ප්‍රමුඛත්වය දෙන ලෙස වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරී මණ්ඩලයට උපදෙස් දී තිබෙන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ සඳහා වෘත්තීය සුදුසුකම් තිබෙන දේශපාලන අවබෝධයක් ඇති දක්ෂ තරුණයින් පක්ෂයට සම්බන්ධ සම්බන්ධ කර ගැනීමට වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වේ.

විශේෂයෙන්ම එළඹෙන සිංහල - හින්දු අලුත්  අවුරුද්දෙන් පසු එජාපය, යුගයට ගැලපෙන අයුරින් ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙන අතර එයද  නව තරුණ තරුණියන් පක්ෂය වටා ගොනුකර ගැනීමේ ආකර්ෂණීය වැඩපිළිවෙළක් වෙනු ඇති බව වික්‍රමසිංහ මහතාගේ විශ්වාසය බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි.

එළඹෙන මැතිවරණ වලදී පසුගිය මහ මහ මැතිවරණයේදී ලැබුණු ලක්ෂ දෙකහමාරක ඡන්ද පදනම ලක්ෂ 70 දක්වා වර්ධනය කර ගැනීමේ වගකීම පක්ෂ නායකයා විසින් දිස්ත්‍රික් සංවිධායකවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට පවරා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 04 April 2021 19:37