April 19, 2024

නිහඩව සිටි රනිල් අවුරුද්දෙන් පසු තීන්දුවක් ගනී! පෙරළියකට සූදානම්

එක්සත් ජාතික පක්ෂයේ සියලුම ශාඛා සමිති අනුබද්ධිත සංවිධාන සියල්ලක්ම යළි සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

ඒ අනුව එම පක්ෂයේ නීතිඥ සංගම් ‘වෘත්තීයවේදීන්ගේ සංවිධාන, වෘත්තීය සමිති, පරිසර සංවිධාන, විද්වතුන්ගේ සමිති ඇතුළු සියලුම සංවිධාන යළි බලගැන්වීම සිදු කෙරෙනු ඇත.

ඉදිරි මාස හයක කාලයේදී පක්ෂයට සම්බන්ධ තරුණ හා කාන්තා සංවිධාන ද සම්පූර්ණයෙන්ම නවීකරණය කර වත්මන් යුගයට ගැළපෙන ලෙස ප‍්‍රතිසංවිධානය කිරීමට ද නියමිතය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඉහත කටයුතු සිදුකෙරේ.

Rate this item
(1 Vote)