April 25, 2024

අපේ මීළඟ ඉලක්කය ඇඟට දැනෙන මැයි දිනයක් - ශ්‍රීලනිප මහ ලේකම්

එළඹෙන මැයි දිනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කොට තිබෙන නව ගමන තවත් ශක්තිමත් වන ආකාරයෙන් පැවැත්වීමට බලාපොරොත්තුවන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කරයි.

එළඹෙන සිංහල - හින්දු අලුත් අලූත් අවුරුද්දෙන් පසු ශ්‍රීලනිපයේ වැඩ පිළිවෙළ ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ ලේකම්වරයා මේ බැව් එළිදරව් කරයි.

ඒ හැරුණුකොට සෑම මැතිවරණ කොට්ඨාසයකම ශ්‍රීලනිප ශාඛා සමිති බලගැන්වීම මෙන්ම මහනුවර ආරම්භ කොට මාතලේද පවත්වන ලද පක්ෂයේ පාක්ෂික හමු අන් දිස්ත්‍රික්කවලද පැවැත්වීම සිදු කරන බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මේ සියලු කටයුතු පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අංශවල උපදෙස් වලට අනුව කිරිමට බලාපොරොත්තු වන බවද පක්ෂ මහලේකම්වරයා සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 03 April 2021 18:46