April 20, 2024

දඹුල්ලෙන් සොයා ගත් පොල්තෙල් කන්ටේනරයට හා ගබඩාවට සීල් තියයි (PHOTOS)

දඹුල්ලෙන් අත්අඩංගුවට ගත් විදේශ රටකින් ගෙන්වා තිබු පොල්තෙල් කන්ටේනර් රථයට සහ ඒවා බාමින් තිබූ පොල් තෙල් ගබඩාවකට මුද්‍රාව තැබීමට දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ මාතලේ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරයා 02 දින පියවර ගත්හ.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත 01 දින පස්වරු 7.30ට පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ගබඩාවක් තුළ කන්ටේනර් රථයකින් ගබඩාවක් තුල බාමින් සිටි පොල්තෙල් කන්ටේනර් රථයක් දඹුල්ල පොලිස් භාරයට ගැනිණි.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී.එදිරිසිංහ මහතා ගේඋපදෙස් පරිදි මෙහි තොරතුරු බි වාර්තාවක් මගින් දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් නිලූකා විජේතිලක මහත්මිය වෙත 02 දින දහවල් ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව වැඩබලන මහේස්ත්‍රාත් නිලූකා විජේතිලක මහත්මිය දඹුල්ල මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාට නියෝග කොට ඇත්තේ මෙහි අඩංගු පොල්තෙල් කොටස් (සාම්පල්) ලබාගෙන ඒවා අයි.ටි.අයි (I.T.I) ආයතනය වෙත යවා වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය. ඒ අනුව දඹුල්ල මා නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මෙන්ම මාතලේ දිස්ත්‍රික් ආහාර ඖෂධ පරීක්ෂක එම්.එල්.ජයවීර මහතා ඇතුළු කණ්ඩායමක් දඹුල්ල පොලිසියට පැමිණ පොලිස් භූමියේ නවතා තබා තිබූ පොල් තෙල් පිරවූ කන්ටේනර් රථයට මුද්‍රා තබනු ලැබූහ.

පසුව මෙම කන් කණ්ඩායම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටා ඇති මෙම විදේශ රටවලින් ගෙන්වා තිබූ පොල් තෙල් ගබඩාව පරික්ෂා කොට එහි ගබඩා වේ කරාම දෙකකට මුද්‍රා තබනු ලැබීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා කියා සිටියේ අධිකරණ නියෝගය පරිදි පොල්තෙල්වල කොටස් ලබාගෙන කොළඹට යැවීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති බවය. නිවාඩු දින දෙකක් පවතින නිසා ලබන සඳුදා උදෑසන මෙහි පොල්තෙල් වල කොටස් නැවත ලබා ගන්නා බවද සඳහන් කළේය.එතෙක් එම පොල් තෙල් වල ආරක්ෂාව සඳහා මෙයාකාරයෙන් මුද්‍රා තැබූ බවද හෙතෙම පැවසීය.

මෙහිදී මාතලේ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පාලන පරීක්ෂක එම්.එල්.ජයවීර මහතා කියා සිටියේ මෙම පොල් තෙල් තොග ලංකාවට ගෙන්වා ඇත්තේ  පිලිපීන රටෙන් බවත් කන්ටේනර් තුනක පොල් තෙල් කිලෝ දෙලක්ෂ එකොළොස් දහසක් පමණ ගෙවා තිබෙන බව සඳහන් කළේය. මෙම කන්ටේනර් රථයේ පොල්තෙල් කිලෝ පනස් දහසකට අධික ප්‍රමාණයක් පැවතිය හැකි බව අනුමාන කරන්නේ යැයිද ඒ මහතා පැවසීය.

පොල් තෙල් තොග වරායෙන් එලියට ගනිද්දි එහි තත්ව වාර්තාවක් තිබිය යුතු බවත් මෙම ගෙන්වූ සමාගම සතුව එම වාර්තාව පවතින බව ඔවුන්  දැනුම් දී තිබුණද මෙතෙක් තමන් වෙත එම තත්ව වාර්තාව ලැබී නැති බවද ඒ මහතා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 02 April 2021 21:35

Related items