April 20, 2024

දේශපාලනයට එන ලෙස මට ඇරියුම් එනවා - "ධම්මික පැණි" වෙද මහතාගෙන් අනාවරණයක්

තමාට දේශපාලනයට පැමිණෙන ලෙස ආරාධනා තිබෙන බව ධම්මික බණ්ඩාර වෙද මහතා කලකට පසු මාධ්‍ය සාකච්ඡාවක් දෙමින් අනාවරණය කරයි.

"ධම්මික පැණිය" නමින් වඩාත් ප්‍රසිද්ධියට පත් ධම්මික බණ්ඩාර වෙද මහතා සිය පැණි කතාවේ දේශපාලන කතාවද එළිදරව් කරමින් තවත් වැදගත් තොරතුරු රැසක් හෙළිදරව් කරයි.

තමාට දේශපාලනයට පැමිණීමට ආරාධනා කළද තමා දේශපාලනඥයන්ට අකැමති මුත් ආශිර්වාද ගැනීමට පැමිණි බොහෝ දේශපාලනඥයන්ට උදව් උපකාර කර තිබෙන බවද පෙන්වා දෙයි.

ඇතැම් දේශපාලනඥයන් තමාගේ "ධම්මික පැණිය" වද කහ සුලිය වගේ බව සඳහන් කළ බවත් සමහර දේශපාලඥයන් සිය පැණිය එන්ජින් ඔයිල් වලට සමාන කළ මුත් එය පානය කළ බවද රටේ ඉහළම අය බෙහෙත ඉල්ලපු වෙලාවෙ දීගන්න බැරි වූ විට ඊට දොස් කිව්වා මිස උපකාර නොකළ බවට ද චෝදනා කරයි.

ජනපතිවරයා වනජීවී දෙපාර්තමේන්තුව හරහා තමාට මී පැණි නොමිලේ ලබාදුන් බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන වෙද මහතා ජනපතිවරයා තමාට මී පැණි ලබා නොදුන් බවත් අවධාරණය කරයි.

ජනපතිවරයා තමාගේ "ධම්මික පැණිය" පිළිගත්තේ නැති බවට විශේෂ අනාවරණයක්ද වෙද මහතා සිදු කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 02 April 2021 16:19

Related items