April 23, 2024

දේවානිගෙන් දැඩි තීරණයක් - ජවිපෙට රතු එළියක්

ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය දැඩි තීරණයකට එළැඹ ඇති බව ඇය විසින් තැබූ ෆේස්බුක් සටහනකින් පෙනී යයි.

ඇය පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවක් වන “දේවානි ජයතිලක මහත්මිය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය ගත් බවට” වන ප්‍රචාරය සම්බන්ධයෙන් ඇය විසින් එම ෆේස්බුක් සටහන හරහා පිළිතුරක් ලබා දී තිබේ.

එහිදී ඇය කියා තිබුණේ “මා ජවිපෙ හෝ ජාතික ජන බලවේගයේ සාමාජිකත්වය ගත් කතාව අමූලික බොරුවකි” යනුවෙනි.

ඇය තැබූ ෆේස්බුක් සටහන පහතින්,

දේවානි ජයතිලක මහත්මිය විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවක් නිරූපා සේරසිංහ මහත්මිය විසින් තමන් සමඟ ගත් ඡායාරූපයක් නීති සහය ලබාදෙන බව පවසමින් අවභාවිත කිරීම සම්බන්ධ සිදුවීමෙන් පසුව තමන් කිසිවෙකු සමඟ ඡායාරූපවලට පෙනී නොසිටින බවයි. 

එමෙන්ම තමන් දේශපාලන පක්ෂයකට ලැදිබවට ඇඟවීමට කිසියම් පක්ෂයක් හෝ පුද්ගලයෙකු උත්සාහ දරන්නේ නම් එම උත්සාහය තමන් පිළිකුලෙන් හෙළා දකින බවද ඇය සඳහන් කර තිබේ.

ඇය ඒ පිළිබඳව තැබූ ෆේස්බුක් සටහන පහතින්,

මෙම සිදුවීම පාදක වූ ඡායාරූපය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 02 April 2021 12:18

Related items