April 19, 2024

ඇඳුම් නැතුව මන්ත්‍රී දුවපු හැටි රට පුරාම යවන්න හරීන්ගෙන් වැඩපිළිවෙලක්

හැටනම ලක්ෂය කෙසේ වෙතත් කඩවත පැත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඇදුම් නැතුව දුවපු එක හැමතැනම පෙන්වීමේ වැඩ පිළිවෙළක් සෑදිය යුතු බව හරින් ප්‍රනාන්දු සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දිවුලපිටියේ දී ප්‍රකාශ කොට තිබේ.

දිවුලපිටිය මැතිවරණ කොට්ඨාශයේ සමගි ජන බලවේග ප්‍රචාරක කටයුත්තකට සම්බන්ධ වෙමින් හරින් ප්‍රනාන්දු මහතා එහි සිටි පිරිසගෙන් විමසා ඇත්තේ කඩවත පැත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඇඳුම් නැතුව දුවනවා දැක්කද කියාය.

එහෙත් ඒ සම්බන්ධයෙන් සභාවෙන් සැලකිය යුතු ප්‍රතිචාරයක් නොලැබුණු තැන හරින් ප්‍රනාන්දු මහතා සංවිධායකවරයා අමතා යෝජනා කොට තිබෙන්නේ ආණ්ඩුවේ මෙවැනි දේවල් වඩාත් ඉක්මනින් ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා වට්ස්ඇප් පහසුකම් ඇති තරුණ කණ්ඩායම් සාදන ලෙසය.

දිවුලපිටිය මැතිවරණ කොට්ඨාශයේ තිබෙන ඡන්ද මධ්‍යස්ථාන 84 ට වට්ස්අප් පහසුකම් තිබෙන තරුණයින් 84 දෙනකු තෝරාගෙන මෙම වැඩපිළිවෙළ දියත් කරන ලෙස ආසන සංවිධායකවරයාට හරින් ප්‍රනාන්දු මහතා යෝජනා කොට තිබේ.

මෙසේ නිරුවතින් දිව ගියා යැයි සඳහන් වන මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර හරින් ප්‍රනාන්දු මහතා ඉහත යෝජනාව කළ දිවුලපිටිය ආසනයද එම දිස්ත්‍රික්කයටම අයත් වීම විශේෂත්වයකි.

අනියම් බිරිදක් සමග සිය පක්ෂ කාර්යාලයේ කාමරයක සිට නිරුවතින් දිව යන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් වීඩියෝවක් අනියම් බිරියගේ ස්වාමි පුරුෂයා විසින් සමාජ මාධ්‍ය වෙත ලබාදී තිබු අතර එය සමාජයේ දැඩි අවධානයකට යොමු විය.

Rate this item
(5 votes)
Last modified on Thursday, 01 April 2021 15:41

Related items