February 10, 2025

රුව ලස්සන කරන්න මැටි ඇමතිගෙන් මැටි වැඩක්

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් කරන ලද පරික්ෂණයක ප්‍රතිඵල පිළිබඳව තොරතුරු අනාවරණය කරන්නට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කටයුතු කර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ තම ආමාත්‍යංශය ජ’පුර විශ්ව විද්‍යාලය සමඟ එක්ව කරපු පරික්ෂණයකදී මැටිවලින් ආලේපන නිර්මාණය කරන්නට හැකි බව අනාවරණය කරගත් බවයි.

ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ “මේවා ප්‍රමිතියෙන් අපා සාදා ගත්තොත් මං හිතන්නේ අපිට ලෝකය ජයග්‍රහණය කරන්න පුළුවන් බවයි…”

අද වන විට රටට, ආර්ථිකයට දැඩි ලෙස විදේශ මුදල් අවශ්‍යව ඇති බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ රටට ඩොලර් ගෙන ඒමේ කටයුත්ත සඳහා ව්‍යවසායකයන් දිරි ගන්වා ඔවුන්ට වෙළෙඳපොළ නිර්මාණය කර ඔවුන්ගේ ආර්ථික ශක්තිය නංවාලීම කළ යුතු බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ග්‍රාමීය ආර්ථිකය නංවාලීමකින් තොරව ජාතික ආර්ථිකය ගොඩ නැගීමට නොහැකි බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා දැක්වූ සම්පුර්ණ අදහස පහතින්,‍

Rate this item
(0 votes)
Last modified on Wednesday, 31 March 2021 17:49
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449