April 20, 2024

පස්සර අනතුර වූ මාර්ගයේ ම තවත් බස් රථයක් ප්‍රපාතයකට ඇළවෙයි

පස්සර මාරාන්තික බස් අනතුර සිදු වූ මාර්ගයේම තවත් ලංගම බස් රථයක් ප්‍රපාතයකට ඇල වී තිබේ.

කෙසේ වෙතත් බස් රථයට හෝ මගීන්ට හානියක් සිදු වී නොමැත.

මෙලෙස ප්‍රපාතයට ඇලවී තිබුණේ බදුල්ලේ සිට බිබිල හරහා මහඔය දක්වා ගමන් ගන්නා බස් රථයකි.

අදාළ මාර්ගයේ මේ වන විට අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතින ආකාරය දැකගත හැකි අතර මාර්ගයේ ප්‍රපාතය අසළ අනාරක්ෂිත ආකාරයද දැකගත හැකියා.

පසුගිය මාර්තු 21 වැනිදා ලුණුගල සිට කොළඹ බලා පැමිණි බස් රථයක් මෙලෙස ප්‍රපාතයකට ඇළවී යාමත් සමඟ පෙරළි යෑමෙන් පුද්ගලයින් 14 දෙනෙකුට දිවි අහිමි විය.

ලංගම බස් රථය ඇලවී තිබුණු ආකාරය වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)