April 20, 2024

හිරගෙදර ඉන්න රන්ජන්ට ඇමැතිගෙන් සැලකිලි - කෝල් කරන්න අවස්ථාවත් දෙයි

අඟුණකොළපැලෑස්ස බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීම සඳහා සති දෙකකට අවසර ලබා නොදීමට බන්ධනාගාරයේ ප්‍රධානීන් පසුගියදා තීරණය කර තිබිණි.

ඒ මන්ත්‍රීවරුන්ට රන්ජන් රාමනායක මහතා බැලීමට යෑම සඳහා දී තිබූ අවස්ථාව රාමනායක මහතා සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයකු සමග බන්ධනාගාරයේදී සෙල්ෆි ඡයාරූපයක් ගෙන ප්‍රසිද්ධ කිරීමේ සිද්ධියක් පදනම් කරගෙනය.

කෙසේ වෙතත් බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසන්නේ සෑම බදාදා දිනයකම එක් මන්ත්‍රිවරයකුට පමණක් අවසර දෙන බවයි.

කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර රන්ජන් රාමනායක මහතාට සතියකට වරක් සීමිත කාලයක් ස්ථාවර දුරකතනයක් පාවිච්චි කිරීමේ අවස්ථාව ද ලබාදී ඇතැයි ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

Rate this item
(1 Vote)