April 25, 2024

“පරිසර ප්‍රශ්නය තිබිලා තියෙන්නේ මට විතරයි - ගමේ අයත් මං එක්ක කතා කරන්නේ නැහැ” - භාග්‍යා දැන් කියන කතාව

භාග්‍යා අබේරත්න නම් රටම කතාබහ කළ සිංහරාජ වන විනාශය හෙළි කළ 19 හැවිරිදි පාසල් සිසුවිය සමඟ ඇය ජීවත් වන ගමේ පිරිසද අද වන විට හරි හැටි කතාබහක් නොකරන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

මේ බව ඇය කියා තිබුණේ ජාතික පුවත්පතක් සමඟ එක්වෙමිනි.

එහිදී ඇය කියා තිබුණේ මෙම සිදුවීම වන්නට පෙර තමන් සමඟ සිටි ගමේ පිරිස් බොහෝමයක් අද තමන්ගෙන් ඈත් වී ඇති බවයි. 

ඒ පිළිබඳව ඇය කියා තිබුණේ මෙවැනි කතාවකි “බලනකොට මේ කැලෑ විනාශය පිළිබඳ ප්‍රශ්නය තිබිල තියෙන්නෙ මට විතරයි, මගේ පැත්තට ගමේ කවුරුත් කතා කරන්නෙ නෑ.” යනුවෙනි.

එමෙන්ම දැන් අයට රජයේ නිලධාරීන්ගෙන් බලපෑමක් නොවන බවද ඇය කියා තිබුණි. දැන් රජයේ ආයතනවලින් කිසිම ආකාරයක තර්ජනයක් හෝ බලපෑමක් සිදු නොවන බවද ඇය සඳහන් කළාය. 

ඒ පිළිබඳව ඇය ජාතික පුවත්පතට පවසා තිබුණේ මෙලෙසිනි “මට දැන් නම් බාහිර ආයතන වල නිලධාරීන් ගෙන් කිසිම බලපෑමක් එන්නෙ නෑ. පොලිසියේ මහත්වරු ඇවිත් තර්ජනය කළා කියලා ප්‍රචාරය වුණා. රක්වාන පොලීසියේ මහත්වරු දෙදෙනෙක් ඇවිත් විස්තර ඇහුවා. මට කිසි තර්ජනයක් කළේ නෑ.”

එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ “මට දැන් නම් බාහිර ආයතන වල නිලධාරීන් ගෙන් කිසිම බලපෑමක් එන්නෙ නෑ. පොලිසියේ මහත්වරු ඇවිත් තර්ජනය කළා කියලා ප්‍රචාරය වුණා. රක්වාන පොලීසියේ මහත්වරු දෙදෙනෙක් ඇවිත් විස්තර ඇහුවා. මට කිසි තර්ජනයක් කළේ නෑ.” යනුවෙනි.

භාග්‍යා අබේරත්න මේ වන විට ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට දැන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවත් සඳහන් වෙයි.

Rate this item
(5 votes)

Related items