April 25, 2024

අවුරුද්දට කුකුල් මස් මිලත් ඉහළ යයි

සිංහල හින්දු අලුත් අවුරුදු සමය වන විට කුකුල් මස් කිලෝවක මිල 800 ඉක්මවා යා හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා ප්‍රකාශ කර තිබේ.

සත්ව ආහාර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති හෙයින් සාමාන්‍ය නිෂ්පාදකයින් කුකුල් මස් නිෂ්පාදනයෙන් ඉවත්වෙමින් යන බව සරත් අත්තනායක මහතා ප්‍රකාශ කරයි.

එය ප්‍රයෝජනයට ගනිමින් මහා පරිමාණ කුකුල් මස් නිෂ්පාදකයින් පස්දෙනෙකු කුකුල් මස් හිඟයක් මවා මිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව සරත් අත්තනායක මහතා සඳහන් කරයි.

මේ වන විට වෙළෙඳපොළ තුල කුකුල් මස් කිලෝවක් රුපියල් 550ත් 600ත් පවතින අතර බිත්තරයක තොග මිල රුපියල් 12කටත් පවතී.

බිත්තර නිෂ්පාදනයට රුපියල් 15ක පමණ මුදලක් දැරීමට සිදුවන බැවින් බිත්තර නිෂ්පාදකයින් ළඟ බිත්තර අතිරික්තයක් පැවතීම නිසා බිත්තර මිල ඉහළ ගොස් ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 March 2021 18:24