April 23, 2024

පැතුම් නිශ්ශංක 100ක් ගහපු හැටි ගැන නොකී රහසක් හෙළි වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ නවක ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිශ්ශංක සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා අතරට එකතු වීමට සමත්විය.

ඒ සිය මංගල ටෙස්ට් තරඟයෙන්ම ශතකයක් ලබා ගත් ක්‍රීඩකයන් සිව්දෙනා අතරට එක්වෙමිනි.

මීට පෙර එම දක්ෂතාවය දක්වා තිබුණේ බ්‍රෙන්ඩන් කුරුප්පු, රොමේෂ් කළුවිතාරණ සහ තිලාන් සමරවීර පමණයි.

පැතුම්ගේ මෙම ශතකය පිටුපස අපුරු කතාවක්ද සැඟව තිබේ.

පැතුම්ගේ පියා මෙන්ම, ක්‍රිකට් උපදේශකවරයා, පුහුණුකරු වන සුනිල් සිල්වා මහතා මෙම අපුරු කතාව හෙළි කර තිබුණි.

පැතුම් ශතකය වාර්තා කළ පළමු තරගය වන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර කොදෙව්වන් අතර තරගයේ දීය. 

එම තරගයට පෙර පැතුම් හට සිය පියා වන සුනිල් සිල්වා මහතා කියා තිබුණේ නිලකුණු පන්දු 50ක් මුලින්ම ක්‍රීඩා කර පිටියේ ස්ථාවර වූ පසුව ලකුණු ලබා ගැනීම ආරම්භ කරන ලෙසයි.

 එමෙන්ම තරගය ඔවුන්ගේ පැත්තෙන් අපේ පැත්තට හරවා ගන්න ලෙසද සුනිල් මහතා පැතුම් හට ප්‍රකාශ කර තිබුණි.

පැතුම්ගේ පියා විසින් මෙම කියාදුන් ක්‍රමය පැතුම් පිටියේ ක්‍රියාත්මක කර ආකාරයත් එය සාර්ථක වූ බවත් පෙනී යන්නේ පැතුම් නිශ්ශංක තමන්ගේ නම ශ්‍රී ලංකා ක්‍රිකට්හි නොමැකෙන නාමයන් තුළ සටහන් කළ ආකාරයෙනි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 31 March 2021 07:02