April 25, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉගෙන ගත්ත විදිහ එළියට දෙන්න බෑ - ඒක පෞද්ගලිකයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ විස්තර ලබාදීම පාර්ලිමේන්තු නිලධාරින් විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බව වාර්තා වේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ බොහෝ පිරිස් කර තිබෙන මෙම ඉල්ලීම පාර්ලිමේන්තු නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඔවුන්ගේ පෞද්ගලික විස්තර බැවින් ඒවා හෙළිදරව් කිරීමට නොහැකි බවට හේතු දක්වමිනි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින්ගෙන් අති බහුතරයකට අ.පො.ස (සාමාන්‍ය පෙළ) සුදුසුකම් නොමැති බවට මහජනතාව තුළ මතයක් ගොඩනැගී තිබේ.

කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැතිව කළ හැකි රැකියා ස්වල්පය අතුරින් එක් රැකියාවක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය බවට මතයක්ද මහජනතාව තුළ තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 30 March 2021 10:21

Related items