April 20, 2024

පොලිස් නිලධාරියෙකු රියදුරෙකුට අමානුෂිකව පහර දීමට තරම් මහා පාරේ මොකද වුණේ? හේතුව මෙන්න (VIDEO)

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගයේදී පුද්ගලයෙකු අමානුෂික ලෙස පහර දෙන පොලිස් රථවාහන අංශ නිලධාරියෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

හයිලෙවල් මාර්ගයේ දී මෙලෙස පහර දෙන පොලිස් නිලධාරියා විසින් එම රියදුරාව ඔසවා පොළොවේ ගසා ඇඟට පනින ආකාරය දැක්වෙන වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

මෙම සිදුවීමට අදාළ තවත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

මෙම අමානුෂික පහර දීමට හේතුව වූ කාරණය එම වීඩියෝව තුළ සටහන්ව ඇත. රථවාහන රාජකාරීවල නිරතව සිටින මහරගම පොලිස් රථවාහන අංශ ස්ථානාධිපතිවරයාව ලොරි රථයක ගැටෙන ආකාරය එම වීඩියෝවේ සටහන් ඇති ආකාරය දැක ගත හැකිය.

මෙම අනතුර වන අවස්ථාවේ ස්ථානාධිපතිවරයා සිටින්නේ මාර්ගය මැද ඉදි කර තිබෙන මංතීරු බෙදෙන ආරක්ෂිත වේදිකාව මත වූවත් පසුපසින් පැමිණෙන කුඩා ලොරි රථයක ඔහු ගැටී ඇඳ වැටෙයි.

එම අවස්ථාවේ තවත් පුද්ගලයෙකු සිටින අතර ඊට ඉදිරියෙන් පහර දීම සිදු කළ පොලිස් නිලධාරියාද සිටිනු දැක ගැනීමට හැකිය. නමුත් එම නිලධාරියා ලොරි රථය එන දිසාවෙන් අහකට පැනීමට සමත් වන ආකාරයද වීඩියෝවේ සටහන්ව තිබේ.

කෙසේ වෙතත් පොලිස් දෙපාර්තමේන්තුව එම පහර දීම කිසිසෙත් අනුමත නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මහරගම පොලීසිය අනුයුක්තව සේවය කළ එම නිලධාරියාගේ සේවය අත්හිටුවා තිබේ.

සමාජ මාධ්‍යවල බොහෝ පිරිසක් මෙම නිලධාරියාගේ ක්‍රියාකලාපයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණු අතර නීතිය ක්‍රියාත්මක නොකර පුද්ගලයෙකුට මහ මඟ එලෙස පහර දෙන්නේ ඇයිදැයි ද ඔවුන් ප්‍රශ්න කර තිබුණි.

එම සිදුවීමට අදාළ අනතුරේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)