April 24, 2024

මෛත්‍රී පෙරළියට සූදානම්! "යෝධයා නැගිට්ටවීමේ වැඩපිළිවෙලේ තමා දැන් ඉන්නේ" - මෛත්‍රී තින්දුවන් ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම ජනතා අපේක්ෂාවක් බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රීලනිපය කියන යෝධයා යළි නැගිට්ටවලා ගන්නේ නැත්තේ ඇයි? කියා තමන්ට ලිපි ලැබෙන බවත් මේවන විට එම යෝධයා නැගිට්ටවීමේ වැඩපිළිවෙලේ සිටින බවත් සිරිසේන හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ඒ සඳහා ශක්තිමත් තරුණ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා එක්රොක් වෙමින් සිටින බවත් මේ කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ඉල්ලුමක් තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ලෝකයේ දුප්පතුන් නෙමෙයි වැඩිපුරම අසහනයෙන් සහ කණගාටුවෙන් ඉන්නේ. ලෝකයේ ඉන්න ඉහළම ධනවතුන්. සල්ලි අඩුවෙන්න අඩුවෙන්න ප්‍රශ්න අඩුවෙනවා. මිනිසෙකුට අවශ්‍ය වන්නේ, දවසේ ණය නොවී තුන්වේල කාලා සාමාන්‍ය වාහනයක් අරගෙන පුංචි ගෙයක් හදාගෙන සමාජයේ හොඳට ජීවත්වීමයි අවශ්‍ය වෙන්නේ. නැතුව හැමකෙනෙක්ම ධනවතුන් වීම නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය වෙන්නේ, ප්‍රධාන වශයෙන් ම ඉදිරි සංවර්ධන සැලැස්මේ දී පක්ෂය හදන මේ රටේ දුගීභාවය තුරන් කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීමයි. මේ කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. “

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ, ඊයේ (28) පස්වරුවේ පැවති රැස්වීමක් අමතමිනි.

Rate this item
(1 Vote)