March 29, 2024

භාග්‍යා නැවත හඬ අවදි කරයි - කවියකින් රටටම දැනෙන්න කතාවකුත් කියයි

සිංහරාජේ මායිමේ ඉඩමක සිදුවන වන විනාශයක් ගැන හෙළි කළ භාග්‍ය අබේරත්න නම් 19 හැවිරිද උසස් පෙළ සිසුවිය නැවත වතාවක් සිය හඬ අවදි කරන්නේ රටට සිදුවන තවත් විනාශයක් හෙළි කිරීමේ අරමුණෙනි.

එහිදී ඇය කියා සිටියේ “මං මගේ ජීවිතේ ආසම දේ මෙතනින් බස් එකේ නැගලා රක්වානට යනකන් පාර දිහා බලාගෙන යන එක..මම විතරක් නෙමෙයි මගේ අම්මත් එහෙමයි.. මම ද6 පංතියේ 07 පංතියේ ඉද්දී දවල් 12, 1,2 වෙද්දී මං කියන මේ ප්‍රදේශය මීදුමෙන් වැහිලා තියෙන්නේ..ඒත් දැන් ගියොත් බලාගන්න පුළුවන් සෙල්සියස් අංශක 30ට කිට්ටු කරපු උෂණත්වයක් ඒ ප්‍රදේශයේ තියෙනවා..” යනුවෙනි.

කුමන හෝ ආකාරයකින් තමන්ව නවත්තන්න මිනිස්සු උත්සාහ කරනවා නම් තමන් වගේ වෙනත් අය ඉදිරියට එන්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කර සිටියි. එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ “මේ වෙද්දීත්, ඉස්සරහටත් බාහිර පාර්ශවයන් මොන මොන විදිහට මට අවලාද නැගුවත්, මගේ අවසන් හුස්ම ටික වෙනකන් මට හුස්ම දෙන මේ ගහකොළ සතා සිවුපාවා මං ආරක්ෂා කරනවා.. ඒ අය වෙනුවෙන් හඬ නඟනවා..”

එමෙන්ම ඇය වැඩිදුරටත් කියා සිටියේ “වහල් භාවයෙන් තොර පරපුරක් ඉන්නවා නම් මං හිතනවා” යැයි කී ඇය කවියෙන් අපුරු කතාවක් පවසා සිටියාය.

එම කවිය පහතින්,

“වඳින්නේ නැතිව ලොකු නිලධාරීන්ට…

තමන්ගේ බලය උරුමය රැකගන්ට..

හිතින්වත් කැමති නම් එය කරගන්නට..

ඉතින් අඬගසව් ගම්වැසියන්ට…”

 

Rate this item
(5 votes)

Related items