April 24, 2024

යළි කොරෝනා අවධානමක්? නීති කඩමින් විදෙස් වෙළෙන්දන් දඹුල්ලේ වෙළඳාමේ

මෙරට ක්‍රියාත්මකත්මක නීතිය තුට්ටුවකටවත් මායිම් නොකොට විශාල වශයෙන් වෙළඳාම් කටයුතුවල නිරතවන ඉන්දියානු ,පාකිස්තානු, ඊජිප්තුව, චීනය සහ තවත් රටවල් කිහිපයක වෙළඳ  නියෝජිතයෝ නිසා දඹුල්ල නගරයේ මෙන්ම රටම දැඩි කොරෝනා අවදානමකට ලක්ව ඇතැයි  ප්‍රදේශ්වාසීහු පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික ගබඩා සංකීර්ණයක ප්‍රධාන මාර්ගයේ මෙන්ම ගඩාවල ද විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් අල, ලොකු ලූණු, සුදු ලූණු ,රතුළුණු ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන ගබඩා කරන ස්ථානවල සෞඛ්‍ය ආරක්ෂිත නීති ක්‍රමවේදයන් නොතකා මෙන්ම මාර්ග නීති ආදී සියල්ල නොතකමින් වෙළඳාම් කටයුතුවල නිරත වන බව දඹුල්ල අවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

නිරෝධායන නීතිය සහ මාර්ග නීති නොතකා වෙළඳාම් කටයුතු වල නිරත මෙම කණ්ඩායම් නිසාවෙන් දිවයින පුරා විසිරී සිටින වෙළෙන්දන් හරහා  නැවතත් උත්සව සමයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතී. මේ පිළිබඳව සොයා බැලීමට අද (29) දින උදෑසන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පිටුපස පිහිටි මෙම ගබඩා සංකීර්ණයට ගිය අවස්ථාවේදී බොහෝ සේවකයින් වෙළෙඳ ව්‍යාපාරිකයන් මුඛ ආවරණ පැළඳීමකින් තොරව ඉන්දියාව, පකිස්ථානය, චීනය සහ රටවල් ගණනාවකින් මෙරටට ගෙන්වා තිබූ අර්තාපල් අල, ලොකු ළූණු, රතුළූණු මෙන්ම සුදුළූණු ආදී භාණ්ඩ බෑම, පැටවීම, ගබඩා කිරීම් සහ තේරීම් සිදු කරමින් සිටින අයුරු දැක ගැනීමට හැකිවිය.

මෙම වෙළෙන්දන්ගෙන් මෙරට නීතියට අනුගත නොවන්නේ මන්දැයි විමසීමේදී බොහෝදෙනා කියා සිටියේ වෙළඳසසැලේ පැමිණෙන සහ සේවය  කරන අය සියලු දෙනා දෙස බලා වෙලදාම් සිදුකිරීමට නොහැකි නිසා මෙම වෙළදාම සිදු කරන බවය.

ඇතැම් කන්ටේනර් රථ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රධාන මාර්ගයේ මෙම වෙළඳාම සිදු කරති. උත්ත්සව සමය ඉලක්ක කරගෙන සිදුකරන ලද මෙම වෙළඳ කටයුතු පිළිබඳව වහා සෞඛ්‍ය අංශවල මෙන්ම පොලිසියේ අවධානය යොමු කළ යුතු බව ජනතාව පෙන්වා දෙති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

 

 

Rate this item
(0 votes)