April 20, 2024

ගමේ මන්ත්‍රීට ජනතාව කඩේ ගෙනියන වගකීම බාර දෙන්න: මහින්දානන්දගෙන් අලුත් යෝජනාවක්

මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා මේ වන විට සක්‍රීයව දේශපාලනයේ නියැලී සිටින ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ට වගකීමක් පැවරීම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.

ඒ පාරිභෝගික ජනතාව සමුපකාරය හා සතොස වෙත යාමට හුරු පුරුදු කිරීමේ වගකීමය.

පසුගියදා සභා නායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බඩු මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ අලූත්ගමගේ අමාත්‍යවරයා මෙම යෝජනාව කොට තිබේ.

සිංහල - හින්දු අලුත් අවුරුදු සමය වන විට ඉහළ ගොස් තිබෙන බඩු මිල ජනතාවට දැනෙන අයුරින් අඩුවිය යුතු බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතිබහුතරයක් ප්‍රකාශ කොට තිබෙන්නේ බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යවරයා හා කෘෂිකර්ම අමාත්‍යවරයා ඉලක්ක කොටගෙනය.

ඉහළ යන බඩු මිල පිළිබඳව දෙදෙනා එකිනෙකාට බෝලය පාස් කර නොගන්නා ලෙසද එහිදී මන්ත්‍රීවරුන් බහුතරයක් අමාත්‍යවරුන් දෙදෙනාටම අනතුරු අඟවා තිබේ.

Rate this item
(1 Vote)

Related items