April 23, 2024

සූවස් ඇළේ නෞකාවල ආරක්ෂාවට ඇවන්ට් ගාඩ් වැඩට බසී Featured

ඇවන්ට් ගාර්ඩ් නාවික ආරක්ෂක අංශය යටතේ වෙළෙඳ නෞකා ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂකයින් 750ක් පමණ සේවය කළ බව ඇවන්ට් ගාර්ඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ “යහපාලනයේ පාඨලී චම්පික, රාජිතටයි, රවින්ද්‍ර විජේගුණරත්න අද්මිරාල්වරයාට පිං සිද්ධ වෙන්න දැන් ඒක නැව් 05කට බස්සලා තියෙනවා..” යැයි ඔහු සඳහන් කළේය.

රතු මුහුද යනු ඉතාමත් පටු මාර්ගයක් බවත් සෑම නෞකාවකට එම ස්ථානයේ නැංගුරුම් දැමීමට නොහැකි බවත් පවසන නිශ්ශංක සේනාධිපති මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ “සෝමාලියාව හරහා යන්න යනකොට ප්‍රහාරයකට ලක්වෙන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩියි..” යනුවෙනි.

ඇවන්ට් ගාර්ඩ් සමුද්‍ර ක්‍රියාන්විතයන් කිරීමේදී වසරකට ඩොලර් මිලියන 65ක විදේශ විනිමයක් මෙරටට ගෙන ආ බවත්, නැවත වරක් එම ව්‍යාපාරය ඇවන්ට් ගාර්ඩ් වෙත ලැබී ඇති බවද නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කළේය.

“අපිට ඇවිල්ලා තියෙනවා චීනයෙන් නැව් 40ක් එකෙන් පළමුවැනි 10 අප්‍රේල් 10 යනවා. අප්‍රේල් මාසයේ අන්තිම වෙන කොට තව නැව් 40ක් තියෙනවා ගාර්ඩ්ලා 120 දෙනෙක් නැවත වතාවක් අපි ඩිප්ලෝයි කරනවා..” යැයිද නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ සූවස් ඇළේ ඇතිව තිබෙන නෞකා අර්බුදය හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සහ නෞකාවල ආරක්ෂාව එල්ල වී තිබෙන තර්ජනය පිළිබඳව පැහැදිළි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවා තිබුණු අවස්ථාවේදීය.

Rate this item
(3 votes)