April 19, 2024

රජ ඇල අමුණ ප්‍රතිසංස්කරණය කිරීම අරඹයි

වාරි සෞභාග්‍යා වැඩ සටහන මඟින් නාවලපිටිය, ගඟ ඉහළ කොරළේ ගම්පොලවෙල රජ ඇල අමුණ ප්‍රතිසංස්කරණය කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආරාධනයෙන් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

1938 ආරම්භ කර ඇති රජ ඇල අමුණ 1994 වසරේදී අවසන් වරට ප්‍රතිසංස්කරණය කල ඇති අතර ඉන් පසු මේ වනතෙක් කිසිදු ප්‍රතිසංස්කරණය කටයුත්තක් සිදු වී නොමැත. මෙම අමුණ සංවර්ධන කිරීම සදහා වාරිමාර්ග අමාත්‍යංශයෙන් රාජ්‍ය අමාත්‍යවරයා වෙන් කරන ලද ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 15 ක් වේ.

රජ ඇල අමුණ සංවර්ධනය කිරීම තුළින් අක්කර 1100ක භුමි ප්‍රමාණයක වගා කිරීම් කටයුතු සිදු කළ හැක. මෙමගින් උලපනේ උතුර, උලපනේ දකුණ, උඩගම, තැබිලිගල, හලාගම, උඩමාකේ,ජයමාලපුර,ගම්පොලවෙල ඇතුලු ප්‍රදේශ කීපයක් මෙම වාරි පද්ධතිය හරහා නැවත අස්වැද්දීමට නියමිතයි.

රජ ඇල ව්‍යාපාරයට කුඹුරු අමුණු 65 අයත්වේ. මෙහි ප්‍රතිසංස්කරණය කටයුතු සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 March 2021 14:33