April 23, 2024

පස්සර වගේ වෙන්න ගිය තවත් මාරක අනතුරක්! - බස් රථයක් ප්‍රපාතයක් අසළ නවතී (PHOTOS)

කැබිතිගොල්ලාව ඩිපෝවට අයිත් මාර්ගස්ථ අංක 43 වව්නියාව - මහනුවර බස් රථයක් මාරාන්තික අනතුරකට ලක්වීමට ගොස් බේරී තිබුණේ ඊයේ (27) දිනයේදීය.

ඊයේ පස්වරුවේ දී මහනුවර - මාතලේ මාර්ගයේ මෙම බස් රථය කූඹියන්ගොඩ වංගුවේ ඇති පාලමේ ගැටී තිබුණි.

මෙම අනතුරට හේතුව බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මෙරටට අලුතින් ආනයනය කරන ලද සංවේදක සහිත බස් රථවලින් එකක් බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත් පාලමේ ගැටීම නිසා සිදුවන්නට ගිය මාරක අනතුරක් මෙහිදී නැවතී තිබේ.

පසුගිය 21 වැනිදා ද වංගු සහිත පස්සර 13 කණුව ප්‍රදේශයේදී මෙවන් ආකාරයට බස් රථයක් පාලනයෙන් ගිලිහී යාම නිසා ප්‍රපාතයකට පෙරළී ගිය අතර එහිදී පුද්ගලියන් 14 දෙනෙකුට දිවි අහිමි විය.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 March 2021 07:18