April 19, 2024

නාමල් රාජපක්ෂ ලොකු වැඩකට අතගසයි! රට පුරා වැඩ කරන බලකායක්

දකුණු ආසියාවේ විශාලතම තරුණ ස්වේච්ඡා වැඩසටහන (#VolunteerSL Day) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමඟාමීව කතරගම පුදබිම පිරිසිදු කිරීමෙන් ඊයේ (27) ආරම්භ විය.

යෞවන සමාජය, යොවුන් සේනාංකය සහ අ‍නෙකුත් තරුණ සංවිධානවල සමාජිකයින් සමඟ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම වැඩසටහන එක්විය.

ශ්‍රී ලංකාවේ පළමු වතාවට ශ්‍රමදාන සංකල්පය මත පිහිටමින් ස්වේච්ඡාවෙන් වැඩකරන පිරිස ඒකරාශී කරගැනීමට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

රට පුරා සෑම මසකම අවසන් සෙනසුරාදා පැවැත්වෙන මෙම වැඩසටහන හරහා සමාජයේ දියුණුව සැලසෙන අතර මානව සම්පත ගොඩනැගීමෙන් ක්‍රියාශීලි සමාජයක් මෙන්ම ක්‍රියාශීලි පුරවැසියන් බිහිකිරීමට හැකිවන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණ කළේය.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ක්‍රියාකාරීම රට බවට පත්කිරීමේ අරමුණ ඇතිව ස්වේච්ඡාවෙන් ගමට, රටට, සමාජයට වැඩකරන සහයෝගය ලබාදෙන පිරිස් ඒකරාශී කරගැනීමත් ඔවුන්ට අවශ්‍ය පසුබිම නිර්මාණය කර අයිතිවාසිකම් මෙන්ම යුතුකම් ද අගයන තරුණ පරපුරක් බිහිකිරීමත් මෙහි ප්‍රමුඛ අරමුණකි.

මෙම දැවැන්ත වැඩපිළිවෙල සමඟ දැනටමත් දිවයිනේ සෑම ප්‍රදේශයකම ගුරුවරුන්, දෙමව්පියන්, කලාකරුවන් සහ ක්‍රීඩකයන් බොහෝ පිරිසක් ස්වෙච්ඡාවෙන් ඒකරාශී වී තිබේ.

ඔබ ඉටු කරන මෙම සමාජ සේවය ඇගයීමට ලක්කිරීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කර වසරක් සපිරෙන විට අප්‍රේල් මැයි මාසවල ස්වේච්ඡාවෙන් වැඩ කටයුතු කරන්නන් ඇගයීමට ලක්කිරීමට බලාපොරොත්තු වන බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පැවසීය.

ඒ සඳහා අන්තර්ජාතික ස්වේච්ඡා වැඩසටහනක් (International Volunteer Event) සංවිධානය කර සම්මාන ප්‍රදානෝත්සවයක් (Award Ceremony) සංවිධානය කිරීමට ද නියමිතය.

ඒ තුළ හඳුනාගත් ක්ෂේත්‍රයන්හි ස්වේඡාවෙන් වැඩ කළ අය ඇගයීම සඳහා විශේෂ සම්මාන පිරිනැමේ.

මෙහි ආරම්භය ලෙස ලබන වසරේ අප්‍රේල් හෝ මැයි මාසයේ දී දකුණු ආසියාව කේන්ද්‍රකරගත් සම්මාන උළෙලක් ලෙස එය පැවැත්වීමට කටයුතු කිරීමට නියමිතය.

ස්වේච්ඡාවෙන් වැඩ කරන සියලුදෙනාට මෙම සම්මාන උළෙලට අයදුම්පත් කැඳවන විට අයදුම් කළ හැකියි.

ස්වේච්ඡාවෙන් වැඩ කරන ජාත්‍යන්තර දිනයක් ලෙස මෙය පවත්වන්නත් ඊට සමගාමීව ලංකාව කේන්ද්‍රකරගෙන සම්මන්ත්‍රණයක් පැවැත්වීමටත් සැලසුම් කර ඇත.

අදින් ඇරඹුණු මෙම ස්වෙච්ඡාවෙන් වැඩ කිරීමේ දිනය සෑම මසකම අවසන් සෙනසුරාදා පැවැත්වෙන අතර තමන්ගේ යුතුකම සහ වගකීම සමාජයට ඉටුකිරීමට මෙවැනිම වූ උද්යෝගයෙන් සහ උනන්දුවෙන් සෑම මසකම අවසන් සෙනසුරාදා සියලුදෙනාම අප සමග අත්බැල් බැදගනිවි යැයි බලාපොරොත්තු වෙනවා යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

 

 

 

Rate this item
(2 votes)