April 19, 2024

මෙවර ආණ්ඩු පක්ෂ රැස්වීමට අගමැති නැහැ: මූලාසනය දිනේෂ් ගුණවර්ධනට

බොහෝ කලකට පසු මෙවර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පවත්වා තිබෙන්නේ සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බව වාර්තා වේ.

වෙනදාට ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සිංහරාජ වන විනාශය ගැන රජයට එල්ල වන චෝදනා මෙන්ම උත්සවය සමය ආසන්නයේ ඉහළ යමින් තිබෙන බඩු මිල පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට තිබේ.

සිංහරාජ වන විනාශය සම්බන්ධයෙන් රජයට එල්ලවන චෝදනාවන්ට පිළිතුරු දිය යුතු ආකාරය ගැන මෙන්ම කියවා සිටින්නේ නැතුව වහාම බඩු මිල අඩු කළ හැකි ආකාරය පිළිබඳව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මන්ත්‍රීවරු යෝජනා රැසක් ඉදිරිපත් කොට තිබේ.

එහිදී බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයාට බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් අප්‍රසාදයක් ජනතාවට තේරෙන ආකාරයට සහන ලබාදෙන ආකාරය ඉදිරිපත් නොකිරීම පිළිබඳව අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයාටත් මන්ත්‍රීවරුන්ගේ අප්‍රසාදය එල්ලවී තිබේ.

Rate this item
(0 votes)

Related items