April 20, 2024

හිටපු ජනපති සභාව අමතද්දී පක්ෂයේ ගෝලයෝ 14ක්ම පැනල ගිහින්

ඉකුත් සිකුරාදා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා කතා කරද්දී ඔහුගේ සහායට සභා ගැබේ සිට තිබෙන්නේ 17ක් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 2ක් පමණි.

ඒ හිටපු ජනපතිවරයා අසලින්ම ඉදිරිපෙළ වාඩි වී සිටී චාමර සම්පත් දසනායක සහ ඊට පසු තමන්ට හිමි ආසනයේ අසුන් ගෙන සිටි රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායකවරයා පමණි.

චාමර සම්පත් දසනායක මහතාට හිමි අසුන වන්නේ පක්ෂයේ අවසාන පෙළ අසුනක් වුවත් ඔහු හිටපු ජනපතිට සහාය පතා ඉදිරිපෙළ ජනපති අසලම අසුනට පැමිණ තිබිණි.

ශ්‍රීලනිපය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල සිල්වා හා මහින්ද අමරවීර, මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු කිසිවෙක් ඒ අවස්ථාවේ සභා ගැබේ නොසිටීම විශේෂත්වයක් වන අතර හිටපු ජනපතිවරයාගේ කතාවෙන් ටික වේලාවකට පසු පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාද විවාදයට එක්වෙමින් කතා කරනු දක්නට ලැබුණි.

හිටපු ජනපතිවරයා ශ්‍රීලනිප සභාපතිවරයාද වෙයි.

විනාඩි 61ක් පුරාවට සභාව අමතා කතා කළ හිටපු ජනපතිවරයා සිය කතාව තුළ මතභේදාත්මක කරුණු රැසක් හෙළිදරව් කරන ලදී.

Rate this item
(6 votes)