April 25, 2024

හිටපු ජනපති චෝදනා කළ ඇමති මෙන්න - "මගේ ආණ්ඩුවේ මම පත් කරපු ඇමති ප්‍රහාරයේ වගකීම මට පැටෙව්වා"

ඊයේ (26) පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති කොමිෂන් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි මතභේදාත්මක කතාවක් සිදු කරන ලදි.

සිය කතාවේදී හිටපු ජනපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ දෙනකු නොදන්නා කරුණු ගැන එළිදරව් කරන ලදී.

පාස්කු ප්‍රහාරය සිදු වූ දිනට පසු දින තමාගේ ආන්ඩුවේ තමා පත් කරපු ඇමතිවරයෙක් මාධ්‍ය සාකච්ඡාවක් තබා ජනපතිවරයා මේ ප්‍රහාරය පිළිබඳව දැන සිටි බවත් ඒ නිසා ජනාධිපතිවරයා ඊට වගකිව යුතු බවට යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කරන ලදී.

ඒ හරහා මෙම ප්‍රහාරය පිළිබඳව තමා දැන සිටි බවත් තමා උවමනාවෙන්ම එම ප්‍රහාරය වලක්වා ගැනීමේ වගකීම හා යුතුකම ඉටු නොකළ බවට මතයක් සමාජ ගත කළ බවටද චෝදනා කරමින් හිටපු ජනපතිවරයා සඳහන් කළේ "මගේ ආණ්ඩුවේ මම පත් කරපු ඇමති පාස්කු ප්‍රහාරයේ වගකීම මට පැටෙව්වා" යනුවෙනි.

හිටපු ජනපතිවරයාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු හිටපු ජනපතිවරයා නම නොකියා හඳුන්වපු යහපාලන ආණ්ඩුවේ ආණ්ඩුව ඇමතිවරයා කවුදැයි බොහෝ දෙනෙක් සොයන්නට පටන් ගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකදී දැන ගන්නට ලැබුණේ මෙම සිද්ධියට සම්බන්ධ ඇමතිවරයා එවකට සෞඛ්‍යය ඇමතිව සිටි වෛද්‍ය රාජිත සේනාරත්න මහතා බවය.

තමාම පත්කරපු ආණ්ඩුවේ රාජිත සේනාරත්න ඇමතිවරයා ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනෙකු මුල්වී ජනගත කළ මෙම මතවාදය මත පාස්කු ප්‍රහාරය පිළිබඳව තමා කරුණු දැනගෙනත් ඒ සම්බන්ධයෙන් පියවරක් නොගත් බවට වැරදි මතයක් ජනතාව තුළ ගොඩනඟා තිබූ බව ද හිටපු ජනපතිවරයා විවාදයේදී සඳහන් කරන ලදී.

Rate this item
(0 votes)