April 20, 2024

කළු සාටක පැළඳ ගත් හරීන් මැති සබයේ දී බයිබලයේ අත තබා දිවුරයි (VIDEO)

සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (26) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂ ජනපති කොමිසම් වාර්තාව පිළිබඳව පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වුයේ කළු සාටකයක් පැළඳ ගෙනය.

එමෙන්ම මන්ත්‍රීවරයා බයිබලය ද රැගෙන පාර්ලිමේන්තුවට පැමිණීම ද විශේෂත්වයකි.

විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්විය.

"නාලක ගොඩහේවා මහතා කළ ප්‍රකාශයත් එක්ක කතා කරන්න ලැබීම ගැන මම මුලින්ම සතුටු වෙනවා. මේ පාස්කු ප්‍රහාරය සමබන්ධයෙන් කතා කරනකොට මට මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී ලොකු අයිතියක් තියෙනවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒකට හේතුව මේ තිර රචනය කතන්දරය පිටුපස විශාල කතිකාවතක් මගේ වටේ ගොඩ නැගුණු බව මම හිතන්නේ මුළු ලංකාවම දන්නවා. මම අද මේ කතාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා ශුද්ධ වූ බයිබලය මේ පාර්ලිමේන්තුව තුළට අරගෙන ආවා. මම මේ බයිබලය තියලා මෙතන ඉස්සරහා මම කියන හැම වචනයක් ගැනම මම ඒකෙ වගකීම භාර ගන්නවා කියන එක මගේ අදහන ආගම තුළින් මම විශ්වාස කරනවා කියන එක කියන්න ඕනේ." 

Rate this item
(5 votes)
Last modified on Friday, 26 March 2021 18:48