April 19, 2024

පස්සර අනතුර : 13 කණුවේ මාරාන්තික බාධකය ඉවත් කරයි Featured

පස්සර 13 කණුව ප්‍රදේශයේ මාස 06කට අධික කාලයක් මාර්ගය මතට වැටී තිබූ පර්වත කොටස ඊයේ (25) දිනයේ දී කඩා ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

 පසුගිය 21 වැනිදා පස්සර 13 කණුව ප්‍රදේශයේ දී සිදු වූ ප්‍රපාතයකට පෙරළි ගොස් බස් රථයක් මාරාන්තික අනතුරකට ලක් වීමට මෙම පර්වත කොටසද හේතුවක් විය.

බොහෝ පිරිසක් මෙම පර්වත කොටස මාස 06කට අධික කාලයක් තිස්සේ මාර්ගයේ වැටී තිබුණු බවත් එය බලධාරීන් ඉවත් කළා නම් මෙම අනතුර සිදු නොවනු ඇති බවටද චෝදනා එල්ල කළේ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) ද මෙයට වගකිව යුතු බව පවසමිනි.

ඒ අනුව ඊයේ දිනයේ දී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ ස්ථානීය පරික්ෂණයකට ගොස් තිබුණු අතර පර්වත කොටස කඩා ඉවත් කිරීමේ කටයුතුද ආරම්භ කර තිබේ.

Rate this item
(0 votes)

Related items