April 25, 2024

පිටු 15 කම තියෙන්නේ ජනපතිගේ වත්මන් වැඩ ගැන : කිරිඇල්ලගේ ප්‍රකාශයට දිනේෂ්ගේ විරෝධය (VIDEO)

ජිනීවා මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවට එරෙහි වාර්තා වේ පිටු 17 1/2ක් තිබෙන බවත් ඉන් යුද්ධය ගැන තිබෙන්නේ පිටු 2 1/2 ක් බවත් 15ක්ම තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වීමෙන් පසු ඇතිවූ තත්ත්වය පිළිබඳව බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාවට දැනුම් දුන්නේ ආන්ඩුවේ බාධා කිරීම හා විරෝධය මධ්‍යයේය.

කිරිඇල්ල මහතා මෙම කරුණු අනාවරණය කළේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනා සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන විදේශ කටයුතු අමාත්‍යවරයා රජයේ ස්ථාවරය දන්වමින් කළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කිරිඇල්ල මහතා සඳහන් කළේ පිටු 15ක ම තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වීමෙන් පසු අහිමු වූ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, සුළු ජාතීන්ට හිරිහැර කිරීම ආදී කරුණු බවය.

ඒ අවස්ථාවේ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා කිරිඇල්ල මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ මානව හිමිකම් කොමිසම තියෙන්නේ මේ ප්‍රශ්න හොයන්නද කියාය.

මානව හිමිකම් කොමිසම අපේ රටේ අභ්‍යන්තරයේ ප්‍රශ්න ගැන කතා කරන්නේ කෙසේදැයි යන්න ගුණවර්ධන අමාත්‍යවරයා එහිදී කිරිඇල්ල මහතාගෙන් ප්‍රශ්න කරන ලදී.

එහිදී දෙපාර්ශ්වයම කෑකෝ ගැසීම් මැද කතානායකවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වෙනම විවාදයක් ගන්නා ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 March 2021 14:20

Related items