April 19, 2024

නිරුවත් පොහොට්ටු මන්ත්‍රී ගැන ගම්පහ පොහොට්ටු ප්‍රබලයින් කතා කරන්න බැහැ කියයි

අනියම් බිරිදක් සමග සිට නිරුවතින් පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රසිද්ධියට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහස් දැක්වීම ගම්පහ දිස්ත්‍රික්කයේ  පොදුජන පෙරමුණේ ප්‍රබල කිහිප දෙනෙකුම ප්‍රතික්ෂේප කරන ලදී.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබඳව ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් තිදෙනකුගෙන්ම අදහස් විමසීමට ඒෂියන් මිරර් උත්සාහ කළ අතර ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කරන ලදී.

අදාල පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය පක්ෂ කාර්යාලය තුළ අනියම් බිරිය සමග සිටියදී ඇගේ නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා පැමිණි අවස්ථාවේ නිරුවතින් පැන යන වීඩියෝ පටයක් මන්ත්‍රිවරයාගේ අනියම් බිරිදගේ ස්වාමි පුරුෂයා විසින් මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබේ.

එම වීඩියෝ පටය මේවන විට ඉතා ජනප්‍රිය වී ඇති අතර අදාල සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයා පිළිබඳව නිශ්චිත තොරතුරක්ද වාර්තා නොවේ.

විශේෂයෙන්ම ඊයේ (24) පැවැති පාර්ලිමේන්තු සැසියට සහභාගිවීමට පාර්ලිමේන්තුවට පැමිණෙතැයි පක්ෂ - විපක්ෂ දෙපාර්ශවයම බලාපොරොත්තුවෙන් සිටියද පාර්ලිමේන්තුව තුළ අදාළ මන්ත්‍රීවරයා දැකගන්නට නොලැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(9 votes)
Last modified on Thursday, 25 March 2021 07:45