April 19, 2024

අවිස්සාවේල්ල නගරය මැද තිබෙන රක්ෂිතය ගැන හදිසි තීන්දුවක් ගනී

අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභාවට වසර ගණනාවක් තිස්සේ සිට අයත්ව පැවති සුවිශේෂී ඓතිහාසික උරුමයක් කියාපාන වැව සහ එය අයත් වූ වන රක්ෂිතය හදිසියේම වන වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු වලට පවරා ගැනීමට කටයුතු සලසමින් සිටීම පිළිබඳව අවිස්සාවේල්ල නගරවාසීහු සිය විරෝධය පළ කරති.

මෙම දැව හා වන රක්ෂිතය නිසාම කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලනය ආයතන අතරින් හොඳම නගර සභාව වශයෙන් අවස්ථා ගණනාවකදීම සම්මාන දිනාගත් අතර ඒ අතර ග්‍රීන් ඇපැල් විශේෂ සම්මානය ද හිමි විය.

මේ පිළිබඳව අවිස්සාවේල්ල හල්තොටවත්ත පදිංචි පුරා විද්‍යා හා පාරිසරික පශ්චාත් උපාධිධාරී කේ.පී.යසපාල මහතා මෙසේ කීය.

"අතීතයේ සිට වර්තමානය දක්වා මේ වැව හා එයට අයත් වන රක්ෂිතය අවිස්සාවේල්ල නගරයට ඔක්සිජන් සපයන පෙනහළු දෙක කිව්වොත් එය නිවැරදියි.

මේ දෙකම වනරක්ෂන හා වනජීවි දෙපාර්තමේන්තු වලට පවරා ගැනීමක් කරනවා කියලා දැන ගැනීමත් තියෙනවා.

ඇත්ත වශයෙන්ම අපි ඒ ගැන ඉතාමත් කණගාටු වෙනවා. විශේෂයෙන්ම අවිස්සාවේල්ල නගරයේ විද්වතුන්ගේ මණ්ඩලය, පාරිසරක අංශය, ප්‍රභූ අංශ ගණනාවක්ම ඒකට විරෝධය පානවා. නගර සභාවක් තුළ පවත්වාගෙන යන දේපලක් ආරක්ෂා කර ගැනීම හුදෙක් අපි සුවිශේෂී ජාතික වගකීමක් වශයෙන් මා දකින්නේ."

අවිස්සාවේල්ල සීතාවක සීතාවකපුර නගර සභාව දේශමානය රණවීර කූරගල මහතා මෙසේ කීය.

"මේක අපේ නගරයේදී නගර සභාවට අයත් ලොකුම සම්පත. මේ සම්පතේ අයිතිය අනාගතයේදී අපේ දුවා දරුවන්ට පවා හිමිවනවා. වැව සහ වනය අපි දීර්ඝ කාලයක සිට නඩත්තු කරනවා. දීර්ඝ කාලයක සිට වැටකඩුලු ගැහුවා. ආරක්ෂා කළා. අපට අයිති සම්පතක් නොවන බව කියා කාටවත් ඇගිල්ල් ඔසවන්න බෑ .

මේවා ගැන වන රට රක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තුව දන්නේ නෑ. එදා වගේම අදත් මෙය පරිසර කටයුතු අමාත්‍යාංශය හරහා අපිට පාලනය කිරීමේ හැකියාව තියෙනවා. මෙය ඉංග්‍රීසි අධිරාජ්‍ය යුගය හදපු එකක්.

වැවේ ආරම්භයේ සිට පැරණි රෝහලට දුම්රිය මධ්‍යස්ථානයට ඉන් අනතුරුව නගරයට ඇතුළු පොදු ස්ථාන සමූහයකට ජලය දී ඇත්තේ මේ වැවෙන්. අවිස්සාවේල්ල පළාත් ආණ්ඩු සභා කාලයේ සිට සීතාවකපුර නගර සභාවේ කාලය දක්වා පාලනය වී ඇත්තේ අපේ බලය අනුව.මෙය තවදුරටත් ආරක්ෂා කරගෙන පාලනය කිරීමට හැකියාව අපිට තියෙනවා.

මේ සම්බන්ධව පරිසර අමාත්‍යාංශයටත්, මහින්ද ඇමතිතුමාටත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් මම ලිඛිතව දැනුම් දුන්නා." යැයි පැවසීය.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වර්ණන් පෙරේරා මහතාගෙන් විමසීමේ දී ඒ මහතා මෙසේ පැවසීය.

"අවිස්සාවේල්ල සීතාවක නගර සභාවේ සභාපතිතුමා දන්වා තිබුණා වැවේ කැලේ පිළිබඳව. කාලයක සිට එය නගර සභාවෙන් පාලනය වූ බවයි පැවසෙන්නේ. වන රක්ෂණයෙන් නගර සභාවෙන් හෝ පෞද්ගලික ආයතනයකින් හෝ වේවා පරිසරය ආරක්ෂා වෙනවා නම් ඒක හොඳයි. ඒක තමයි විය යුත්තේ නගර සභාව වනජීවී සංරක්ෂණය එකතුවෙලා සාකච්ඡාවක් පවත්වන්නයි සූදානම් කර ඇති ඉක්මනින් තීන්දුවක් දෙන්න බෑ."යැයි පැවසීය.

Rate this item
(0 votes)