April 19, 2024

"කෙසෙල්වත්තේ දිනුක"ගේ සිරුර ගැන වාර්තාව එයි

පසුගියදා ඩුබායි හීදී මරණයට පත්වුණු පාතාල සාමාජිකයෙක් ලෙස සැලකෙන "කෙසෙල්වත්තේ දිනුක"ගේ මෘත ශරීරය කටුනායක ගුවන්තොටුපළට රැගෙනවිත් තිබුනේ පසුගිය 18 වනදාය.

ඩුබායි සිට මෙරටට රැගෙන විත් තිබු මෘත ශරීරය රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුශාන් නොහොත් “කෙසෙල්වත්තේ දිනුක“ගේ බව තහවුරු වී තිබේ.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගියදා මියගොස් තිබුණි.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි දිනුක වෙනත් නමකින් විදෙස්ගත වී තිබේ.

Rate this item
(0 votes)