March 29, 2024

"අපි දන්නෙත් නැතුව හදන මේ පෙරමුණ මොකක්ද?" සජිත්ගේ පුළුල් පෙරමුණ ගැන මනෝ ගනේෂන් ප්‍රශ්න කරයි

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අලුතින් කතා කරන පුළුල් පෙරමුණ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ඇතැම් සන්ධානගත පක්ෂවල නායකයින්ගේ දැන් කනස්සල්ලක් මතුව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා සිටින බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙවැනි නව සන්ධානයක් බිහිවීම පිළිබඳව තමන් නොදන්නා බවත් එවැන්නක් බිහි කරන්නේ නම් දැනට සමගි ජන බලවේගය සිටින තමන් ඇතුළු සන්ධානගත පක්ෂවල නායකයින් සමග ප්‍රථමයෙන් සාකච්ඡා කළ යුතු බව මනෝ ගනේෂන් මහතා ඊයේ (23)පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමග ප්‍රකාශ කොට තිබේ.

තමන් ඇතුළු සන්ධානගත පක්ෂ නායකයින් සමග සාකච්ඡා නොකොට සජිත් ප්‍රේමදාස මහතා මේ කරන්න හදන්නේ කුමක්දැයි ද එහිදී මනෝ ගනේෂන් මහතා එම මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කොට ඇති අතර මේ තත්ත්වය විසඳීමට මැදිහත් වන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ වල එකමුතුවකින් දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ සමන්විත වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 March 2021 08:07