March 29, 2024

පස්සර බස් රථය පසුපසගිය යුවලට වුණු දේ

පස්සර 13 කණුව ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ යුවලකගේ සංවේදී කතාවක් ඔවුන්ගේ දියණිය විසින් මාධ්‍ය වෙත පවසා තිබේ.

“තාත්තාගේ ඇස් පෙන්නන්න බදුල්ල ඉස්පිරිතාලෙට ගිය අම්මයි තාත්තායි දෙන්නම අද අපිව දාලා ගිහින්..දැන් ඉතිරි වෙලා ඉන්නේ අත්තම්මා විතරයි..” යැයි අන්තෝනි සාමි සහ බැනට් මැඩෝනාගේ දියණිය සංවේදීව පවසා සිටියාය.

අන්තෝනි සාමි සහ ඔහුගේ බිරිඳ බැනට් මැඩෝනා විසින් පසුගිය 21 වැනිදා බදුල්ල මහ රෝහලට යෑම සඳහා මාරාන්තික අනතුරකට ලක් වුණු  ලුණුගල - කොළඹ බස් රථයට ගොඩ වීමට සිටියත් ඔවුනට බස් රථය මග හැරී ගොස් තිබුණි.

ඉන්පසුව යුවල විසින් ත්‍රිරෝද රථයක් කුලියට රැගෙන බස් රථය හඹා ගොස් තිබේ. බස් රථය කෙසේ හෝ ඔවුන් නතර කරගෙන තිබුණු අතර එය ඔවුන් ගොඩ වී තිබුණේ සිදුවන්නට යන විනාශය පිළිබඳව කිසිදු ආකාරයක දැනීමක් නොමැතිව අවාසනාවන්ත අයුරිණි.

පසුව බස් රථය 13 කණුව ප්‍රදේශයේ දී අවාසනාවන්ත අයුරින් ප්‍රපාතයකට පෙරළි යන අතර 32 වැනි වියෝ පසු වූ අන්තෝනි සාමි සහ සහ 31 වැනි වියේ පසු වූ බැනට් මැඩෝනා හට එහිදී ජීවිතය අහිමි විය.

මෙලෙස අවාසනාවන්ත අයුරින් මිය ගිය යුවල හට අවුරුදු 09ක් දියණියක් සහ අවුරුදු 08ක පුතෙකු සහ තවත් අවුරුදු 4ක දියණියක් ද සිටියි. මව සහ පියා අහිමි වූ දරුවන්ගේ භාරකාරීත්වය මේ වන විට දරුවන්ගේ මිත්තණිය හට හිමිව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 March 2021 16:24