April 20, 2024

ආනවිලුන්දාව රක්ෂිතයේ ලොකු සුද්දයක් (PHOTOS)

වව්නියාව සෙට්ටිකුලම් ආනවිලුන්දාව රක්ෂිතයේ මහා පරිමාණයෙන් පස්කපන යන්ත්‍ර යොදා රක්ෂිතය එලිපෙහෙලි කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් විසින් අදාල ස්ථානයට ගොස් සිදු කරන ලද සෝදිසි වැටලීමකදි රක්ෂිතය කැටපිලර් යන්ත්‍රයක් යොදා ගනිමින් රක්ෂිතය එලිපෙහෙලි කරමින් සිටි දෙදෙනෙකු සහ අදාල යන්ත්‍රය අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී අදාල පුද්ගලයින් කිසිදු අවසරයකින් තොරව රජයේ රක්ෂිත මායිම් එලිපෙහෙලි කරමින් සිටි බවට අනාවරනය වීමෙන් අනතුරුව පස්කපන යන්ත්‍රය සහ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා සෙට්ටිකුලම් අඩවි වන නිලධාරී කාර්යාලයට භාර දීමට වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)