April 24, 2024

මාවනැල්ලේ බුදු පිළිම කැඩීමට අසාද් සාලි අනුබල දීලා - සාලිගේ පැටිකිරිය එළියට

බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාවනැල්ල බුදුපිළිම කැඞීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමග සමීප සබඳතා පවත්වමින් එම ත‍්‍රස්ත කි‍්‍රයා සඳහා ආධාර අනුබල දී ඇති බවට මේවන විට හෙළිවී තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට කරුණු වාර්තා කර ඇත.

සැකකාර අසාද් සාලි ශී‍්‍ර ලංකා ජනරජයේ ස්වාධිපත්‍යට හානිවන අන්දමින් මුස්ලිම් අන්තවාදීන්ට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද එහිදී සිය විමර්ශන වාර්තා මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙන්වාදී තිබේ.

එම සැකකරු මාවනැල්ල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධියේ සැකකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී විමර්ශන නිලධාරීන්ට යම් බලපෑමක් සිදුකර ඇති ආකාරයක් පෙනී යන බවත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ද නිකුත් කළ අවසන් වාර්තාවේ සඳහන් කර ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික ශී‍්‍ර රාගල මහතාට වාර්තා කර ඇත.

ඒ අනුව මෙම සැකකාර අසාද් සාලි යන අය 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ගැනෙන කුමන්ත්‍රණය කිරීම යන වැරදි සිදුකර ඇති බව ට නිරීක්ෂණය වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

Rate this item
(3 votes)